NEWS

ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාල සම්බන්ධිත සූර්ය බලශක්ති ව්‍යාපෘතිය 





කොරියානු රජයේ ආධාර මත හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ගොන්නෝරුව ප‍්‍රදේශයේ ස්ථාපිත ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ජාල සම්බන්ධිත සූර්යබල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කෙරේ.

කිලෝවොට් 500ක ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට නියමිත මෙම සූර්ය බලශක්ති ව්‍යාපෘතිය රු. මිලියන 412ක මුදලකින් නිම කර ඇත.

මෙම සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ස්ථාපිත කිරීම තුළින් දිනකට කිලෝවොට් පැය 2300ක් විදුලිය ජනනය කළ හැකි අතර වාර්ෂිකව මෙම අගය අටලක්ෂ තිස්නවදහස් පන්සියයකි. මෙම ව්‍යාපෘතිය ඉදිකිරීම තුළින් ඉන්ධන විදුලි උත්පාදනය සීමා කළහැකි අතර ඒ තුළින් වසරකට ඞීසල් ලීටර් ලක්ෂ දෙකක් ඉතිරි වේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ආරාධනයෙන් කථානායක චමල් රාජපක්ෂ, කොරියානු ජනරජයේ තානාපති චොයි ජොන්ග් මූන් සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් හම්බන්තොට සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කෙරේ.